
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හාර කෝටි දස ලක්ෂ අසූ දසහක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .
මොවුන් අතරින් එක් අයෙකු බඩෝවිට ප්‍රදේශයේ පදිංච් 30 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි .
අනෙක් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 වන වියේ පසුවන හදුන්කූරු වෙළදාමේ නිරත වූවෙකි .
බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ නැගණිය අනෙක් පුද්ගලයා විවාහ කර ගෙන සිටින අතර ඔවුන් නෑදෑ කමින් මස්සිනාලා වේ .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 තුළ පැකැට් 13 ක් ලෙස අසුරා සකස් කර ගෙන මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 104 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd